රොමේෂ් මධුෂංඛ
වවුනියාව මඩුකන්ද වැව පිළිසකර කරන ලද පිරිසකට මඩ යට තිබූ අත්බෝම්බයක් හමුවී ඇති බව මඩුකන්ද පොලීසිය පවසයි.
මඩුකන්ද වැව මේ දිනවල පිළිසකර කිරීම් සිදු කෙරෙන අතර එහිදී වැවේ පහළ කොටසේ පිළිසකර කිරීමේ කටයුතුවල නිරත සේවක පිරිසකට මඩ යට තිබූ අත්බෝම්බය හමු වී ඇති අතර පසුව ඒ පිළිබඳව මඩුකන්ද පොලීසියට දැනුම් දී ඇත.
පසුව අදාළ ස්ථානයට පැමිණි මඩුකන්ද පොලිස් නිලධාරීන් විසින් බෝම්බය ගෙන අධිකරණ නියෝගයකින් වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයට බාරදීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd