IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වවුනියාවේ ගම්මාන 5ක වැසියෝ ඉඩම් ඉල්ලා වීදි බසිති

(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
 
වව්නියාව බෝගස්වැව ඇතුළු ගම්මාන 5 ක නැවත පදිංචි කරවූ වැසියන්ට වසර 7 ක කාලයක් තිස්සේ පොරොන්දු වූ පරිදි ගොවිතැන් කිරීමට කුඹුරු ඉඩම් නොදීම හේතුවෙන් එම ඉඩම් ඉල්ලා එම ගම්මානවල ජනතාව  රඹවේටිකුලම් වැව ඉදිරිපිටදී පදවිය මාර්ගය අවහිර කරමින් අද (04) උද්ඝෝෂණයක නිරත වූහ. 
 
බෝගස්වැව ගොවි අයිතීන් දිනාගැනීමේ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න, උපසභාපති සුසන්ත කුමාර, එහි ලේකම් ටී.බී. සරත් යන අය ඇතුළු ගම්වාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
 
බෝගස්වැව, නන්දිමිත්‍රගම, වෙහෙරතැන්න,සැලලිහිණිගම සහ නාමල්ගම පවුල් 2882ක් 2012 වසරේදී නැවත පදිංචි කරනු ලැබුවේ ගොඩින් අක්කරයක් සහ මඩින් කුඹුරු අක්කරයක භූමියක් ලබා දෙන බවට පොරොන්දු වුවද ගොඩින් අක්කරයක් තමන්ට ලැබුනද මෙතෙක් කුඹුරු ඉඩම් නොලැබීම හේතුවෙන් තමන් පීඩා විඳින බවද ඔවුහු පැවසූහ.
 
රඹවෙට්ටිකුලම් වැවට අයිතිව කුඹුරු ඉඩම් 2000කට අධික ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක බලකාය මගින් පාලනය කෙරෙන අතර එම ඉඩම් කිහිප අවස්ථාවකදීම ඉල්ලා සිටියද කිසිදු බලධාරියෙකු පියවරක් නොගෙන ඇති බවටත්, අදාල කුඹුරු ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදෙන ලෙසට මහවැලි අධිකාරය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දැනුම් දී තිබුණද සිවිල් ආරක්ෂක බලකායෙන් එම කුඹුරු ඉඩම් බලහත්කාරයෙන් පරිහරණය කරන බවටත් උද්ඝෝෂණයේ යෙදුණු ජනතාව පැවසූහ.
 
කුඹුරු ඉඩම් නොලැබුණහොත් එලඹෙන 12 වනදා සියලු ගොවීන් මහවැලි භාර අමාත්‍යංශ ඇතුළු කොළඹ වැටලීමේ දැවන්ත විරෝධතාවක් පවත්වා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවටද ගම්වාසීහු වැඩිදුරටත් පැවසූහ.

 



අදහස් (0)

වවුනියාවේ ගම්මාන 5ක වැසියෝ ඉඩම් ඉල්ලා වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site