(එස්. ඩි. කොඩිකාර)
විවෘත වරෙන්තු හතක් ඇති අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොද්දල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (05) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පැවැසීය.
සැකකරු පොලිසිය මඟ හරිමින් විවිධ ප්‍රදේශවල සැඟව සිටි පුද්ගලයකු වන බවත් පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
සැකකරු මෙදේරිපිටිය, පොද්දල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd