(ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම කැලේවැව ප්‍රදේශයට අයත් සරස්කොඩිය වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ බව කියන පුද්ගලයෙකුගේ සිරුරක් එම වැවේ තිබී අද(14) උදෑසන ගොඩට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ කැලේවැව තම්මැන්නාවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන වන්නි ආරච්චිලාගේ ගුණරත්න නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා ඉකුත් 13 දින සවස තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග සරස්කොඩියවැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති බවත්, එහි දී වැවට බැස ඇති ඔහු අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ගම්වාසීන් හා එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබූ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd