IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වැලි ලොරියක විදුලි රැහැනක් පැටලී රියදුරු මරුට

 
 
(සිතුම් චතුරංග)
 
වවුනියාව ඊච්චන්කුලම සුන්දරපුරම් ප්‍රදේශයේ නිවසකට අද (16) අලුයම ටිපර් රථයකින් වැලි බාමින් සිටියදී එම රථය විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරකින් එහි රියදුරු මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
 
අලුයම 03.00 පමණ ටිපර් රථයකින් වැලි රැගෙනවිත් සුන්දරපුරම් පාසල අසළ නිවසකට වැලි බාමින් සිටියදී ටිපර් රථය විදුලි රැහනක පැටලී හටගත් විදුලි කාන්දුවක් හේතුවෙන් රියදුරුට විදුලි සැර වැදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
 
මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොන්නගර්, කිලිනොච්චිය පදිංචි පෙරියඅන්නන් ජෙගදීස්වරන් නැමති  43 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය පැවසූයේ කිලිනොච්චිය සිට වැලි රැගෙනවිත් ඇති ටිපර් රථයේ රියදුරු වැලි බෑම සිදුකොට රථය ඉදිරියට ගන්නා අවස්ථාවේ විදුලි රැහැන්වල පැටලී අනතුර සිදුව ඇති බවයි.
 
ටිපර් රථය විදුලි රැහැනේ පැටලී ඇති අවස්ථාවේ රියදුරු රථයෙන් බිමට බැසීමට ගත් උත්සහයකදී විදුලි සැරවැදී ඇති බවද පොලිසිය පැවසීය. විදුලි සැර වැදීමෙන් කම්පනයට පත්ව තුවාල ලබාසිටි රියදුරු නිවැසියන් විසින් වවුනියාව රෝහල වෙත රැගෙනයාමේදී මියගොස් තිබේ.



අදහස් (0)

වැලි ලොරියක විදුලි රැහැනක් පැටලී රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site