හිරාන් ප්‍රියංකර ජයසිංහ
වල් අලි රංචුවක් නවගත්තේගම රළපනාව විද්‍යාලයේ අත්පන්දු ක්‍රීඩාපිටිය ආවරණය කර තිබු දැල් වලට හානි කර ඇති බව දෙමාපියෝ පවසති.
වල් අලි රංචුව මෙසේ කර ඇත්තේ රළපනාව විද්‍යාලයේ දරුවන් අත්පන්දු ක්‍රීඩාව සඳහා භාවිතා කරමින් තිබු දැල් වලින් ආවරණය කළ ක්‍රීඩාගාරය වේ.
දින කීපයකට පෙර වල්අලි රංචුව පගා කඩා දැමු දැල්පන්දු පිටියේ ආවරණ පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසලට පැමිණි දරුවන් දැකීමෙන් දැඩි කම්පාවට පත්විය.
රළපනාව විද්‍යාලයේ දරුවන් අවස්ථා කිපයකදීම අත්පන්දු ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබේ.
එසේම මෙම දැල්පන්දු ක්‍රීඩා පිටියේ දැල් ආවරණ වසර දෙකකට පමණ පෙර රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තුවරුන් වන අරුන්දික ප්‍රනාන්දු මහතා සහ ප්‍රියංකර ජයරත්න මහත්වරුන් විසින් ඉදිකර දී තිබුණේ රළපනාව දරුවන්ගේ අත්පන්දු ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ නැංන්වීමේ අරමුණින් බව කියයි.
කෙසේ නමුත් වල් අලි රංචුව කළ හානියක් සමඟ දරුවන් අසරණ වී තිබේ.
මේ පිළිබඳව කළ විමසීමේදී අදහස් දක්වමින් සිටි විදුහල්පති පී.ජී.එස්. දමයන්ති මහත්මිය මෙසේ පැවසුවාය.
‘මේ දැල්පන්දු ක්‍රීඩාගාරයේ දැල් වල්අලින් කැඩිම නිසා විශාල හානියක් සිදුව තිබෙනවා. අපේ දරුවන්ට ලොකු පාඩුවක් මේ නිසා ඇති වෙනවා. මම මේ නිසා අධ්‍යාපන බළධාරීන්ට දැන්වීමට කටයුතු කළා’ යැයි ඇය පැවසුවාය.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1145
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වල් අලි රංචුවක් බොඳ කළ රළපනාව දරුවන්ගේ සිහිනය