රොමේෂ් මධුෂංඛ
වව්නියාව, ඕමන්ත සේමමඩුව ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් ගොවියකුගේ මළසිරුරක් හමු වූ බව ඕමන්ත පොලීසිය පවසයි.
වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි ආරෝග්‍යනාදන් ඥානසීලන් නමැති 50 හැවිරිදි පුද්ගලයකු මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම ගොවියා 19 වැනි දා රාත්‍රියේ සේමමඩුව 02 කොටස ප්‍රදේශයේ පවතින සිය සහෝදරයාගේ වගා බිම වල් අලින්ගෙන් රැක ගැනීමට වගා බිම වෙත ගොස් ඇති අවස්ථාවේදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය කියයි.
ඉකුත් 19 වැනි දා රාත්‍රියේ වගා බිමට ගිය පුද්ගලයා ඊයේ දින 20 සවස් වන තෙක් නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී අදාළ පුද්ගලයාට වල් අලියකු පහරදී ජිවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සිදු කරන ලද සෝදිසියකදී සොයාගෙන ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd