IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘වල් අලි පලවා හැරීමට 3000 ක සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් ලබාදෙනවා’


 
 
හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 

වල් අලි පලවා හැරිමට ඉදිරියේ දී තුන් දහසකට ආසන්න සිවිල් ආරක්ෂක බළකා සාමාජීකයින් පිරිසක් ලබාදිමට  ජනාධිපති එකඟ වු බව තිරසර සංවර්ධන හා  වනජීවි අමාත්‍ය සරත් පොන්සේකා මහතා පැවසීය. 


වනජිවී අමාත්‍යවරයා මේ බව පැවසුවේ අලි මිනිස් ගැටුම අවම කිරිම සම්බන්ධව ඉදිරි‍යේදි ගන්නා ක්‍රියාමාර්ග හා වනඅලි හානි ඇතුළු වන අලීන්ගෙන් සිදුවන හානි පිළිබඳව ජනතාවගේ කරුණු විමසිමට නවගත්තේගම රඹකනයාගම විහාරස්ථානයේ සංවිධානය කර තිබු ජනතා හමුවකදීය.

 
මේ අවස්ථාවට වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය ඇමැති පාලිත රංගේ බංඩාර මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව තිබිණි. වල් අලීන්ගෙන් පීඩා විදින රඹකනයාගම ගම්මානය ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව 300 ක් පමණ පිරිසක් විහාරස්ථානයට එක්වී තිබු අතර එම අවස්ථාවට වනජීවි අධ්‍යක්ෂ ජනාරාල් චන්දන සුරිය බංඩාර මහතා සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් ද එක්ව තිබිණි.
 
මෙහිදී වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.


ඉදිරි අවුරුදු එකහමාර ඇතුළත මම සැලසුම් කර තිබෙනවා ඉදිරි වසර ඇතුළත මේ ජාතික ප්‍රශ්නයක් වන අලි මිනිස් ගැටුම විසඳන්න සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රශ්නය දේශපාලනය කරන්න සුදානම් නැහැ. සෑම කෙනාම එකතු කරමින් අලි මිනිස් ගැටුම විසදීමට අපි සුදානම්. නමුත් මෙය තනිව මගේ අමාත්‍යංශයට පමණක් විසඳන්න විදිහක් නැහැ . ඒ නිසා ජනාධිපතිතුමාගේ පුර්ණ සහයෝගය ඇතිව තමයි මෙය විසඳිය හැක්කේ. 


මම කිසිම විටක මේ අමාත්‍යංශයේ සෑම කෙනෙකුටම ඇහුන්කම් දුන්නා. ඒ අයගේ උපදෙස් තොරතුරු ලබා ගත්තා. අනික වනජීවී දෙපාර්තුමේන්තුවට මුදල් ප්‍රශ්නයක් නැහැ. මම දැක්කා විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා වනජීවී දෙපාර්තුමේන්තුව හරි පෝසත් හරියට විශාල කොම්පැනියක් වාගෙයි. එකේ සල්ලි තිබෙනවා සල්ලි බිලියන පහක් ඒ කියන්නේ ලක්ෂ පනස් දහසක් විශාල මුදලක්.

මේ මුදල් යොදවලා මම ඉදිරියේ දී විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වාගේම ඉදිරියෙදී විදුලි අලි වැටවල් ශක්තිමත් කරන්න වැඩ පිළිවෙළක් කරන්න සුදානම්. ඊළඟට තිබෙන වැඩපිළිවෙළ තමා අලි වැටවල් තිබුණාට වැඩක් නැහැ එය ආරක්ෂා කරන්න බැරි නම්. ඒ කියන්නේ ඇස් කන් තිබෙන  මිනිහෙක් එය ආරක්ෂා කරන්න නැත්නම් අලි කඩා දමනවා .



අදහස් (0)

‘වල් අලි පලවා හැරීමට 3000 ක සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් ලබාදෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site