IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වල් අලි කොට්ටුකච්චියේ කුඹුරු වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
වල් අලි රංචු පිටින් ආණමඩුව කුඹුරුවලට කඩා වැදී අක්කර ගණනාවක වගා විනාස කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කොට්ටුකච්චිය ගොවීහු පවසති.
 
කොට්ටුකච්චිය, කච්චිමඩු, ගල්කුලම, මුරියාකුලම, ඇතුන්ගොඩ යන ප්‍රදේශවල ගොවීහු වල් අලින්ගෙන් පීඩාවට පත්ව සිටිති.
 
 පසුගිය දින කිහිපය පුරා දළ ඇතකු සමඟ වල් අලි රංචුවක් මෙසේ වගා හානිකරමින් සිටින බව ඔවුහු පවසති. 
 
ගොවින් පවසන්නේ වන ජීවි නිලධාරීන්ට දන්වා සිටියද මේ දිනවල පුත්තලම අලි පාලන ඒකකයේ වාහනය කැඩී යාම නිසා අලි පලවා හැරීමට ගැටළු ඇති බව ඔවුන් පවසන බවයි. 
 
  මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි එන්. ඒ. ජගත් නිශ්ශංක මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“අපි වී ඇටය කුඹුරට දාපු දා ඉදලා පුදුම දුකක් විඳින්නේ. මුළු රාත්‍රිය පුරාම වල් අලින් වගා වනසනවා. දවල්ට මොනරු වී බොනවා. දැන් ගොවිතැන් කිරීමත් එපාවෙලා. ගෙදරට ගන්නේ ගොවිතැනින් සුළු ප්‍රමාණයක් විතරයි ”
 
මේ පිළිබදව අදහස් දක්වමින් එක්වු වගාකරුවකු වන අජීත් කුමාරතුංග මහතා පැවසුවේ මෙවැන්නකි. 
 
 “ අපේ වගාවන් ආරක්ෂා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒත් කිසිම දෙයකින් මේ අලි රංචු එන එක වළක්වාගන්න බැරි වෙලා. මගේ  කුඹුර වටේට විදුලි වැටක් ඇදලා. ඒ සඳහා රුපියල් 40,000 කට වැඩිය මේ කන්නයට වියදම් කලා. නමුත් කිසිම දෙයකින් සහනයක් නැහැ. වල් අලි රංචුව කුඹුරට බැහැපුහාම කාල ඉවර කරලාමයි යන්නේ” 
 
පුත්තලම අලි පාලන ඒකකයේ ප්‍රධානි වනජීවි අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
 
“අපේ එකකයට තිබුණු කැබ් රථය නඩත්තුවලට යොදවලා තිබෙන්නේ. නමුත් අපේ නිලධාරීන් හැකි ආකාරයට වල් අලි පලවා හරිනවා. මේ වන විට වල් අලි සංඛ්යානවේ වර්ධනයක් දක්නට ලැබෙනවා. අපිට විශාල ප්රයදේශයක් ආවරණය කරන්න සිදුවෙලා. අපි සෑම උත්සහයක්ම ගන්නවා වල් අලි පලවා හරින්න” 



අදහස් (0)

වල් අලි කොට්ටුකච්චියේ කුඹුරු වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site