අමදෝරු අමරජීව
වලස් ප්‍රහාරයකින් මොරවැව - නාමල්වත්ත ප්‍රදේශයේ කුඹුරකට යමින් සිටි ගොවියෙකු අද (16)තුවාල ලබා රෝහල් ගත කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල අඩවි කාර්යාලය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැනුම් දීමෙන් පසුව එම ප්‍රදේශයට ගිය වන ජීවි අඩවි ආරක්ෂක ප්‍රේමසිරි විතානගේ මහතා ඇතුලු කණ්ඩායම වලසා අල්ලා ගත්හ.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද තඹලගමුව පොලිස් වසමට අයත් සිරාජ් නගර් ප්‍රදේශයේදි වලස් ප්‍රහාරයට ගොදුරු වු හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණි. ජිවග්‍රහණයෙන් අල්ලා ගත් වලසා වනජීවි පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ අභය භූමියට මුදා හැරීමට කටයුතු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සත්ව හිංසාව නොවේද. සතාට හිංසා නොවන සේ අල්ලාගැනීමට උපකරණ නැතිනම් වන ජිවිය මෙවැනි සත්ව හිංසා නොකලයුතුයි.