(ජේ.කේ.එල් චාමින්ද)

නීති විරෝධී ලෙස  වල්ලපට්ටා කිලෝ 30 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (15) අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

වල්ලපට්ටා තොගය ප්‍රවාහනය කරමින් තිබූ  ට්‍රිපර් රථය ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කීය.

සැකකරුවන් වල්ලපට්ටා තොගය සමඟ ටිපර් රථය  හොමදොලවත්ත ප්‍රදේශයේ දමා පලාගොස් තිබේ.

වල්ලපට්ටා තොගය ප්‍රවාහනය කළ සැකකරුවන් නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.

උඩුගම අක්කර 80 රක්ෂිතයෙන් මෙම වල්ලපට්ටා තොගය කපා  ඇති බව පොලිසිය කියයි.