(ටී.කේ.ජී.කපිල )
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(24) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.
සැකකරු හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .
සැකකරුගේ ගමන් මලුවල රුපියල් 36,69,250 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 22 යි ග්‍රෑම් 150 ක් තිබී හමුවී ඇත.
ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී කළ ස්කෑන් පරීක්ෂණයක දී අත්අඩංගුවට ගෙන තිබේ
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.ආර්.එන්.බණ්ඩාර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල්ලපට්ට නීත්‍යනුකුලව ගෙනියන්නේ කොහොමද? එහෙම ගෙනියන්න අවසර නැතිද? මේවා මෙච්චර වටිනවා නම් අපිට වවල අපනයනය කරන්න බැරි මොකද? අපි දන්නේ තහනම් කරන්න විතරයි. ආදායම් උපදවගන්න තියෙන මාර්ග වහනවට වඩා ඒවා විවෘත කලානම් කාහටත් යහපත්.