(තුසිත කුමාර ද සිල්වා)
වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 20 ක් සන්තකයේ තබා සිටි 30 හැවිරිදි පුද්ගලයෙකු අද (15) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
දර්ගා නගරයේ මාකට් පාරේ නිවසක තිබී මෙම වල්ලපට්ටා සොයාගත් බව පොලිසිය කීය.
පොලිසියට ලද තොරතුරක් මත එම නිවස පරීක්ෂා කිරීමේදී මෙම වල්ලපට්ටා තොගය බෑග් තුනක බහා තිබියදී සොයාගත් බව පොලිසිය පැවැසීය.
සැකකරුට මෙම වල්ලාපට්ටා තොගය ලැබුණේ කෙසේද යන්න පොලිසිය විමර්ශන සිදුකරන බවත් සැකකරු හෙට (16) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල්ලපට්ට තහනම් වුනේ කොහොමද? නීත්‍යානුකුලව වගා කරලා අදායම් උපයන්න පුළුවන් වගාවක් මේ විදියට තහනම් කරගෙන කරන්නේ විනාශයක් නොවේද? නියම ක්‍රමයට වගා කර විකුණන විදිය කියන්න .