(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය සිට දඹුල්ල දක්වා ඉතා සූක්ෂම අයුරින් සඟවාගෙන වාලම්පූරියක් විකිණිම සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් සිදුකළ සොදිසි මෙහෙයුමකදී මොටර් රථයකින් වාලම්පුරිය ප්‍රවාහනය කරමින් සිටියදී එම සැකකරුවන් දෙදෙනාද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අදාළ සැකකරුවන් වාලම්පුරිය රුපියල් කෝටි එකහාමාරක මුදලකට දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිණිමට රැගෙන එමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් හා වයස අවුරුදු 21 ක් වු තරුණයින් දෙදෙනෙකි.
අදාල වාලම්පුරිය සැකකරුවන් වෙතට ලැබුනු අයුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇති අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2151
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාලම්පුරියක් විකිණිමට ගිය දෙන්නෙක් අත්අඩංගුවට