(ආර්. කෝගුලන්)
වැලිමඩ මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිගයට පිළියම් ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරු අද ( 06) අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
රෝහල් භූමියේ කළුකොඩි ඔසවා විරෝධතා පොස්ටර් අලවා තිබූ අතර අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර පමණක් ක්‍රියාත්මක විය.
“ ඌව පරණගම හා වැලිමඩ මැතිවරණ කොට්ඨාශවල දෙලක්ෂයක පමණ ජනතාවකට තියෙන්නේ මේ රෝහල. වෛද්‍යවරුන් 41 ක් අවශ්‍ය වුණත් ඉන්නේ වෛද්‍යවරුන් 21 යි. මේ හේතුවෙන් රෝගින් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවයකට පත්වෙලා.රජය මැදිහත් වී මෙම ගැටළුවලට ව්සඳුම් ලබා දෙන තෙක් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරනවා “යැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් නාමල් ප්‍රේමරත්න මහතා මෙහිදි පැවසීය.



COMMENTS
අද බොහෝ තරුණ වෛද්‍යවරු, වැලිමඩ වැනි ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කිරීමට මැලි බවක් දක්වනවා. මීට හේතුව විය හැක්කේ, දරුවන්ට සුදුසු පාසල් නොමැතිවීම, සුදුසු වාසස්ථාන නොමැතිවීම, විවාහක වීම වැනි සාදාරන කරුණු විය හැකියි. නමුත්, මෙවැනි පළාත්වල ජිවත් වන මහජනයාට, රටේ නගරබද පළාත්වලට මෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමේ අයිතියක්ද ඇත. මෙවැනි අවස්ථාවක රජයට ඇති විකල්පයක් නම්, නේපාලය, ඉන්දියාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරු මෙවැනි ග්‍රාමීය රෝහල් වල සේවය කිරීමට කැමතියි සොයා බැලීමයි. එවැනි වෛද්‍යවරුන් සිටී නම්, ඔවුන්ට මේ රෝහල් වල සේවය කිරීමට ඉඩ සැලසිය යුතුයි.