(තුසිත කුමාර ද සිල්වා)
දර්ගානගරයේ වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කඳවුර එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති පූජ්‍ය බඩල්කුඹුරේ ආරිය ශාන්ත හිමියන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අදාල බලධාරීන්ගෙන් අද (07) ඉල්ලා සිටියහ.
මෙම පිරිස විශේෂ කාර්ය බලකා උප කඳවුර අසල පැය තුනකට අධික කාලයක් රැඳි සිටි අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් අධිකාරී රණසූරිය මහතා එම කඳවුර ඉවත් නොකර නැවත ස්ථාපිත කරන බව සඳහන් කළේය.
පොලිස් අධිකාරීවරයාගේ ප්‍රකාශයෙන් පසුව කඳවුර අසළ රැඳී සිටි පිරිස විසිර ගියහ.
මෙම පිරිස සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, ශ්‍රීලනිප සංවිධායක සුගත් මතුගමගේ,හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක මංගල යන මහත්වරුද එක්ව සිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.