(නිමල් ජයරත්න)
පොළොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගය මනම්පිටිය වනජීවී කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් අද(23) වැලිකන්ද ප‍්‍රදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු සහ එම කර්මාන්තකරුවෝ උද්ඝෝෂණයක නිරත වූහ.
තම බල ප‍්‍රදේශයේ පාරම්පරික කිරි ගොවීන්, ධීවරයින් ඇතුළු වේවැල් කපන්නන්ට බලපෑම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
වැලිකන්ද ප‍්‍රදේශයේ කරපොළ, මුතුගල, සඳුන්පිටිය, කුඩාපොකුණ, රුහුණුකෙත ඇතුළු ගම්මාන රැසක ජනතාව 600කට ආසන්න ප්‍රමාණයක් වනජීවී කාර්යාලය වටලා, ප‍්‍රධාන මාර්ගයේ වාඩි වී පැය 3 කට ආසන්න කාලයක් විරෝධතාව පැවැත්වූහ.
වැලිකන්ද ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත අබේසුරිය, උපසභාපති සමන්ත බණ්ඩාර, නුවන් සමරසිංහ, එම්.අයි අලිකාන්, එම්.අයි උසනාර්, වී. කාන්දන්, අනිල් පුෂ්පකුමාර, සම්පත් ප‍්‍රසාද්, පද්මා අයිරාංගනී යන එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.
මනම්පිටිය සහ වැලිකන්ද වනජීවි නිලධාරීන් තමන් අත්අඩංගුවට ගෙන උසාවියට වැරදි කරුණු වාර්තාකර තම කාර්මාන්තකරුවන් විවිධ අඩත්තේට්ටම්වලට ලක්කර ජීවනෝපායට බාධා එල්ලවන අයුරින් කටයුතු කරන බව ජනතාව පැවසූහ.





2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිකන්ද ප්‍රදේශවාසීහු මනම්පිටිය වනජීවී කාර්යාලය වටලති