IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිකන්ද-දිඹුලාගල 13,000ක් ජල හිඟයෙන් පීඩාවට

(ක.ග.කරුණාරත්න)
 

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ වෙසෙන පුද්ගලයන් 13,000කට අධික පිරිසක් පානීය ජල හිඟයකට මුහුණපා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
 
මෙයින් වැඩිම පිරිසක් වෙසෙනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේයි. එම පිරිස 6731ක් වන අතර ඔවුහු පවුල් 2444කට අයත් වෙති. ග්‍රාම නිලධාරී වසම් ගණන 7කි. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 11ක වෙසෙන පවුල් 1899කට අයත් පුද්ගල සංඛ්‍යාව 6424ක් බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.
 
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතාගේ උපදෙස් පරිදි මෙම ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් ඔවුන් වෙසෙන ගම්මානවලට බෙදා හැරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව දෛනිකව ජලය  බෙදා හැරීම සඳහා බවුසර් 10ක් යොදවා ඇතැයිද ජලය ලීටර් 148,000ක ප්‍රමාණයක් දිනකට බෙදාහරින බවද ඒ මහතා කීය.



අදහස් (0)

වැලිකන්ද-දිඹුලාගල 13,000ක් ජල හිඟයෙන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site