(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයට අද (7) කඩා වැදුණු වල් අලියකු ගම්මුන් බිය වද්දමින් විශාල කලබලයක් කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගය අසල පිහිටි සිල්ලර වෙළඳසැළකට කඩා වැදුණු අලියා එහි තිබූ පාන් පිටි සහ වෙනත් ද්‍රව්‍ය ආහාරයට ගෙන ඇති අතර ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයකට ද පහර දීමට උත්සාහ කර ඇත.
පසුව ගම්වාසීන් විසින් අලියා නැවත පරාක්‍රම සමුද්‍රයේ වැව් රක්‍ෂිතයට පලවා හැර ඇත.
පරාක්‍රම සමුද්‍රය ඉහැත්තෑවේ පිහිටි කැළෑවේ වෙසෙන මේ අලියා බැදිවැව ගම්මානය වෙත අද (7) අලුයම පැමිණ ඇත්තේ ආරක්‍ෂක විදුලි වැටද පෙරළා ගෙන බව ගම්මු කියති.
මහජනතාවගේ මෙන්ම මේ අලියාගේ ද ආරක්‍ෂාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් යොදන්නැයි මහජනතාව වනජීවි නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වල්අලි බැදිවැව ගම්මානයට කඩා වැදී කලබල කරති