(ක.ග. කරුණාරත්න)
හිගුරක්ගොඩ පොලිස් වසමට අයත් හිඟුරක්ගල, බොරළුකන්ද ප‍්‍රදේශයේ පිහිටි වාරි ඇළක තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරක් අද (30) උදේ හමුවී ඇතැයි හිගුරක්ගොඩ පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා හිගුරක්ගොඩ 02 කණුව ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙරු පියෙකු වන එස්.පී. ඉන්දික කුමාර ඒකනායක යන බවට පසුව හඳුනාගෙන ඇත.
මළ සිරුර හමුවී ස්ථානයට නොදුරින් තිබී ඔහුගේ යතුරු පැදිය ද හමුවී තිබේ.
යතුරු පැදිය ඇළට පෙරැලී යාමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් මරණය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
හිගුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd