(මුදිතා දයානන්ද)

         

පත්විම් ලැබ සතියක් ඉක්ම යනතුරුත් වරායේ නව සභාපති වැඩ බාර නොගැනීම නිසා වරායේ කටුයතු රැසක් අඩාල වී ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අද (19) පැවසීය.

වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පත්කරනු ලැබුවේ පසුගිය 12 වැනිදාය.

නව සභාපතිවරයා වැඩ බාර නොගැනීම නිසා ආරක්ෂක කොට්ඨාස සාජන් තනතුරු 200ක පත්වීම් ලබාදීමත්, කනිෂ්ඨ කළමනාකරණ සහකාර තනතුරු සඳහා පත්විම් ලබාදීමත්, ප‍්‍රමාද වෙමින් පවතින බවද ඔහු පැවසීය.

පෞද්ගලික සමාගම විසින් මෙහෙයුම් කරනු ලබන වරාය ජැටිවලට නැව් වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් පවතින බවත් රජය සතු ජැටියේ බහාලූම් මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුනොවීම නිසා නිසි එහි මෙහෙයුම් අඩුවි ඇති බවද ඒ නිසා වරායේ ආදායම බරපතල ලෙස අඩුවෙමින් පවතින බවද මහගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.