( අප්සරා යෝසිත් විජේසූරිය)
ගංඟා ඉවුරු ආශ්‍රිත ස්වභාවික පිහිටීමට හානිකරවූ ආපදා තත්වයන්ට බලපෑම් සිදුකරන්නාවූ අනවසර ඉඳිකිරීම් වාරිමාර්ග පනත අනුව ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තු විධායක ඉංජිනේරු ඇතුළු රත්නපුර දිස්ත‍්‍රික්කයේ වගකිවයුතු නිලධාරීන් වහා ක‍්‍රියාත්මක විය යුතු බව වනජීවී සංරක්‍ෂණ අමාත්‍ය ගාමීණී ජයවික‍්‍රම පෙරේරා මහතා රත්නපුරදී පැවසුවේය.
‘‘ආපදාව පැමිණිවිට ක‍්‍රියාත්මකවනවාට එය වැළැක්වීමට ක‍්‍රියාත්මකවීමයි අප කළයුත්තේ‘‘ යයි ඇමැතිවරයා කීය.
වන සම්පත් රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්මඩුල්ල ඡන්ද කොට්ඨාසයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 12ක පසුගිය වර්ෂා කාලයේ සිදුවූ ගංවතුර හානි සහ නායයාම් පිලිබඳව සාමාන්‍ය ජනජීවිතය යථාවත් කිරීමේ වැඩපිලිවෙළ සම්බන්ධව රත්නපුර ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේදී අද(26) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
COMMENTS
මේවා ජනතාවට කියන්න ඕනි දේවල් නෙමෙයි. එයාල කරන්න ඕනි දේවල් අපිටද කියන්නේ
වාරිමාර්ග පණතෙ ගංගා ඉවුරු වල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා බලයක් නැත. ඒ බලය ඇත්තේ ඉඩම් සංවර්ධන පණතේ, පරිසර පනතේ, සහ ආපදා කලමනාකරන පණතෙහිය. මේ ඇමතිවරු කිසිවක් නොදැන දොඩවති .