(ඩී.ජී.සුගතපාල)
වේරගොඩ ගින්නොරුව ප්‍රදේශයේ නිවසක වතුර ටැංකිය යට සහ තාප්පය අයිනේ සඟවා තිබු විවිධ වර්ගයේ ගිනි අවි හතරක් සහ ඒවායේ උණ්ඩ සමග සැකකරුවන් දෙදෙනෙකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.
මෙරට නිෂ්පාදිත රිවෝල්වර 2ක් මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම මැගසින් එකක් මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 8 ක් විදෙස් රටක නිෂ්පාදිත බැරල් දෙකේ ගිනි අවි එකක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වේරගොඩ ගින්නෝරුව පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ කහව කැරලියන්ගොඩ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
ගින්නෝරුව පදිංචි සැකකරුගේ නිවසේ මෙම ගිනි අවි සඟවා තිබු අතර ඔහු සන්තකයේ තිබු යතුරුපැදියක් ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ ගිනි අවි හෙට (11) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මිටියාගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd