IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති

(ජුඩ් සමන්ත)
 
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  අද (08) සහ හෙට (09)  දෙදින තුල ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර  තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී, නව පත් කිරීම්  සිදු කිරීමේදී  වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අත්තනනෝමතිකව  කටයුතු කරන බවත්, සේවා  හැදුනුම්පත් ලබා දීම සදහා වසර 02 කට පෙර සියළුම තොරතුරු ලබා ගෙන ඇතත් එය ඉටු නොකිරීම,වසර 06 කට වැඩි කාලයක් ගමන්මළු ලබා නොදීම යන කරුණු  මුල් කරගනිමින්  මොවුහු මෙම වැඩ වර්ජනයට අවතීරණව සිටින බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහණ මහතා සදහන් කළේය.
 
ඒ අනුව  අද (08) සිට තලවිල දේවස්ථානයේ විශේෂ රාජකාරි සදහා වාර්තා කර ඇති මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැර සෙසු සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  සේවයෙන් ඉවත් වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 60 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 115 දෙනෙකු වෘත්තීය ක්‍රියා මාර්ගයට සම්බන්ධ වී ඇත.
 



අදහස් (0)

වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site