(ඩී.කේ.රත්න)
ව්‍යාජ ලිපි ලේඛන 28 ක් සහ ව්‍යාජ රබර් මුද්‍රා 66 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගෙන ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
රත්නපුර දොඩම්පේ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 පුද්ගලයකු හා රත්නපුර කොස්පැලවින්න හුලංදාව බෝධිවර්ධනාරාම මාවතේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ව්‍යාජ ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා සමඟ පොලිස් බාරයට ගෙන ඇත.
මෙම ව්‍යාජ බලපත‍්‍ර රත්නපුර කොස්පැලවින්න ප‍්‍රදේශයේ සකස් කරන බවට ලැබුණු තොරතුරකට අනුව වැල්ලවාය පොලීසිය විසින් එම නිවස වැටලීමේදී නිවසේ කාමරයක තිබී මෙම ව්‍යාජ ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා සමඟ නිවෙස් හිමිකරුවා ද අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd