(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
ව්‍යාජ නෝට්ටු තොගයක් සන්තකයේ තබා ගෙන සිටි අයෙකු අද (04) දහවල් තංගල්ල නගරයේදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උත්සව සමයේදී තංගල්ල කොට්ඨාශයේ කරනු ලබන විශේෂ මෙහෙයුමක් අතරතුරදී තංගල්ල නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරව මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී රුපියල් 500 සදහන් ව්‍යාජ මුදල් නොට්ටු 50ක් ද රුපියල් 5000ක් සදහන් ව්‍යාජ මුදල් නෝට්ටු 10ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැක කරු දික්වැල්ල ඌරුගමුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බවත් ඔහු තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේද මීට කලින් පදිංචිව සිටි අයෙකු බවත් පොලීසිය සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සැකකරු වලස්මුල්ල පොලිස් වසමේ ගෙවල් බිදීම් දෙකකට සම්බන්ධ නඩු දෙකකදී අධිකරණයෙන් වරෙන්තු ලබා සැඟව සිටි අයෙකු බවත් තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු හෙට (05) දිනයේදී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා කරන බව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පැවසීය.


2025 දෙසැම්බර් මස 04
338
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට