
(සනත් ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
රුපියල් ලක්ෂ 10 වටිනාකමින් යුතු රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 200 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රන්න උඩයාල ප්‍රදේශයේ දී අද (31) අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු සමත් වූහ.
නීතිවිරෝධීව මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් රුපියල් 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක පුද්ගලයකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලදැයි කියන වයස අවුරුදු 39 ක පුද්ගලයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අබේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මුදල් නෝට්ටු රැගෙන යමින් සිටි ප්‍රධන සැකකරු සහ ඔහු සන්තකයේ තිබු රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් 5000 සේ නෝට්ටු 200 ක් සහ ඔහු ගමන්ගත් යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර එම සැකකරු රන්න උඩයාල ප්‍රදේශයේ පදිංචි සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.
පසුව ඔහු සතුව තිබී මුදල් මුද්‍රණයට යොදාගත් පරිගණකය හා එහි උපාංග මෙන්ම මුද්‍රණ යන්ත්‍රය ද පොලිස් බාරයට ගෙන වෙළඳසැලට තාවකාලිකව මුද්‍රා තැබිණී.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනකු අත්අඩංගුවට