IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සමඟ ලාංකිකයෙකු බැංකොක්හිදී අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන්ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් ප‍්‍රංශය බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්තයේ බැංකොක් හි ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන බර්නමා පුවත් සේවය අද (27) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පී.තර්මලිංගම් නැමැති 45 හැවිරිදි ලාංකිකයෙකි.

අත්අඩංගුවට ගන්නා විට සැකකරු සතුව නීතිවිරෝධී ලෙස සකස් කළ ඉන්දීය ගුවන් ගමන්බලපත‍්‍රයක්ද පැවති බවද එම වාර්තාවේ සඳහන් වේ.

තායි ගුවන්තොටුපළ බලධාරීන් විසින් මොහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ එම ලාංකිකයා මැලේසියානු ජාතික තැරුව්කරුවෙකු මාර්ගයෙන්  ව්‍යාජ මැලේසියානු ගුවන්ගමන් බලපත‍්‍රය සකසා ඇති බවය.

එලෙස සැකසූ ගුවන් ගමන් බලපත‍්‍රය රැගෙන ක්වාලාලම්පූර් සිට බැංකොක් වෙත බස් මාර්ගයෙන් පැමිණි මෙලෙස ප‍්‍රංශය බලා පිටත්ව යෑමට උත්සාහ කර ඇත.

එසේම සැකකාර ලාංකිකයා තායිලන්තයට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ඔහු සම්බන්ධයෙන් කිසිදු අපරාධමය චෝදනා නොමැති අයෙක් බවද තායි බලධාරීන් විසින් හෙළිදරව් කර ගෙන ඇත.

වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා සැකකාර ලාංකිකයා එරට ආගමන විගමන නිලධාරීන් බාරයේ රඳවා තැබීමටද තායි බලධාරීන් පියවර ගෙන ඇත.

125



අදහස් (0)

ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සමඟ ලාංකිකයෙකු බැංකොක්හිදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 191 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 255 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1147 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site