(සුමතිපාල දීයගහගේ)
ගාල්ල දඩල්ල පොදු සුසාන භූමිය අසලදී වෑන් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ පාරේ ගමන් කළ මගියෙකු මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ගාල්ල දඩල්ල අයි ඩී එච් වත්ත පදිංචිකරුවෙකුවූ වැල්ලගේ නන්දසේන (52) නැමැති අයෙකි. මොහු ගාල්ල දඩල්ල පොදු සුසාන භූමිය අසලදී ගාල්ල කොළඹ මහා මාර්ගය හරහා ගමන්
කරමින් සිටින විට වෑන් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබ මිය ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.
මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (23) කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd