(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුත්තලම මාර්ගයේ 38 වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් දෙදෙනෙකු වෑන් රථයක ගැටීමෙන් අද (06) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ අනුරාධපුර විධායක ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවයකළ බුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අනුරාධපුර පුත්තලම මාර්ගයේ මෙම 38වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් පසුගිය දිනවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අළුත්වැඩියාවන් ආරම්භ කර තිබුණි.
මෙහිදි මාර්ග තදබදය අවම කිරීම සදහා මෙම සේවකයන් දෙදෙනා අධිකාරිය මගින් යොදවා තිබූ බව පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා රාජකාරියේ නිරතව සිටියදි අද(06)දින අළුයම අනුරාධපුර සිට කොළඹ දක්වා අධික වේගයෙන් ගමන් කරමින් තිබු වෑන් රථයක මෙම සේවකයන් දෙදෙනා ගැටි බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 සැප්තැම්බර් මස 11
777
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
238
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
887
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වෑන් රථයක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට