IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වන අලි මහ කුඹුක්කඩවල කුඹුරු වනසයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
මහකුඹුක්කඩවල ප්‍රදේශයේ සැරිසරන වල් අලි රංචුවක් පිදීමට ආසන්න වෙමින් ඇති ගොයම් වගාවන් වනසමින් ඇති බව ගොවිහූ පවසති.
 
මහකුඹුක්කඩවල වල් පාළුව වන රක්ෂිතයේ රැදි සිටින 20 කට අධික වන අලි රංචුවක් මහ සියඹලාව හා කොහොඹගස්වැව නෙත්තිපොකුණ  ප්‍රදේශවල සැරිසරමින් කුඹුරු වනසමින් ඇති බව ගොවින් පවසයි.
 
ගොවින් පවසන්නේ 2 දින අලුයම මෙසේ කඩා වැදුණ වල් අලි රංචු කුඹුරු වලට කඩා වැදි වගා වනසමින් ඇති නමුත් බළධාරින් කිසිවකු මේ පිළිබඳව නිසි අවදානය යොමුකර නැති බවයි .
 
මේ වන විට වන අලි රංචු කඩා වැදි කුඹුරු අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් වනසා ඇති බව අතර ඒ සියල්ලම නැවත කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි ලෙස විනාශ කර ඇති බව කියයි.
 
මේ පිළිබදව මහකුඹුක්කඩවල ප්‍රදේශීය ලේකම් දුලන්කා අතුකෝරාල මහත්මියගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්කී.
 
“ මේ වන විට මහකුඹුක්කඩවල වන අලි 40 වැඩි ප්‍රමාණයක් රැදි සිටිනවා . මේ සතුන් වැඩිපුරම වල්පාළුව වන රක්ෂිතය ආසන්නයේ රැදි සිටිම තමා සිදුවන්නේ .

මේ වනවිට ගොවින්ගේ කුඹුරු වගාවන් සේම ගොඩ ගොවිතැන් විශාල වශයෙන් විනාශ කර තියනවා .
 
 මේ තත්වයත් සමග මහකුඹුක්කඩවලට  වන ජීවි කාර් යාලයක් දින කිපයකට පෙර අනුයුත්ත කර තිබේනවා .ඉදිරියේදී මෙම වන අලි ප්‍රශ්නය යම් තරමින් අඩුවෙයි කියලා තමා බලාපොරෝත්තු වෙන්නේ .යැයි ඇය පැවසිය.

මේ පිළිබදව කළ විමසිමේදි පුත්තලම වන ජීවි සහකාර එරන්ද ගමගේ මහතා පවසා සිටියේ මෙවැන්නකී.
 
“ ඇත්තටම වන අලි කරදරය බරපතලම තිබේන තැනක් ලෙස  මහ කුඹුක්කඩවල මේ වන විට තේරුම් ගැනිම නිසා කඩිනමින් වනජීවි කාර්යාලයක් ස්ථාපිත කළා.

නමුත් එහි එක් වන ජීවි නිළධාරියකු පමණයි ඉන්නේ ඉතිරි හත් දෙනාම සිවිල් ආරක්ෂක නිළධාරින්මේ නිළධාරින් පිරිස හරිම අමාරුවෙන් වාහනයක්වත් නැතිව රාජකාරි කරන්න පටන් අරන් තියෙනවා .

අපි බලාපොරොත්තු වෙන්වා ජනතාවගේ ජීවිත සහ දෙපොළ වන අලි කඩා වැදි කරන හානි වලින් බේරගන්න පුළුවන් වෙයි කියලා . යැයි ඔහු පැවසිය. 
 

 

 



අදහස් (0)

වන අලි මහ කුඹුක්කඩවල කුඹුරු වනසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site