නිශාන්ත කුමාර
මහියංගන පගරගම්මන ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වන අලි පහරදීමකින් එකම පවුලක ඥාති සොහොයුරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගන පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහියංගන අංක 41 රෝහණ මාපාකඩ පදිංචි පගරගම්මන විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අන්වර් උම්මා රාෂීයා (11) සහ පාතිමා රිස්කා (09) නැමැති ඥාති සොයුරියන් දෙදෙනෙකි.
ගම්මානය වෙත කඩා වැදුණු වන අලියකු මෙම දැරියන් පදිංචිව සිටි නිවසේ බිත්තියක් පෙරලා දමා ඇති අතර ඔවුන් නිවසින් එළියට පැන දිව යාමට සැරසෙද්දී දැරියන් දෙදෙනාට අලියා පහරදී ඇත.
සිද්ධියෙන් පසුව දැරියන් දෙදෙනා වහාම මහියංගන රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත.
දැරියන් දෙදෙනා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදු කිරීමට නියමිත අතර මහියංගන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප රංජිත් කරුණාවීර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd