(දයාරත්න ඇඹෝගම)
සියඹලාගස්වැවදි අද(10)දින අළුයම වන අලියෙකු පහරදීමෙන් මාළු ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ සියඹලාගස්වැව, මිහින්තලය පදිංචිව සිටි ආර්.ආර්.එම්.දයානන්ද(55)නැමති පස්දරු පියෙකි.
ඔහු පදිංචිව සිටින නිවසේ සිට මහකනදරාව වැවේ තොටුපලට ගොස් මාළු මිලදීගෙන නිවස ආසන්නයේ අළෙවි කරන බවත්, මෙදිනද මාළු මිලදි ගැනීමට යමින් සිටියදී මග රැඳී සිටි වනඅලියා ඔහුට පහරදී ඇති බවත් පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මිහින්තලය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.