(දිලීප් ජයසේකර හා අශෝක තිලකරත්න)
හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයේ කැලෑවක දර කැඩිමට ගොස් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක් වු පුද්ගලයෙකු අද (13) මියගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ නිවාස අංක 08,පල්ලෙමලල,වැලිගත්තලිපිනයේ පදිංචි 71 හැවිරිදි ඒ.එච්.ගුණපාල නැමති සය දරු පියෙකි.
මියගිය පුද්ගලයා තවත් කාන්තාවන් දෙදෙනෙකුද සමග දර කැඩිම සදහා අද (13) පෙරවරුවේ පල්ලෙමලල ප්‍රදේශයේ පිහිටි කැලෑවක් තුළට ගොස් තිබේ.
එම අවස්ථාවේදි එකවරම වන අලියෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර තිදෙනාම වන අලියාගෙන් බේරීමට දිව ගියද එක් අයෙකුට වන අලියාට ගොදුරු වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරික්ෂණ වාර්තාව සිදු කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.