( නිමල් ජයරත්න, ක.ග.කරුණාරත්න සහ ඩබ්ලිව්.ඒ පියතිලක)
අරලගංවිල වීරලන්ද ගම්මානයේ දී අද (30) අලුයම 1.00 ට පමණ වන අලියකු පහර දීමෙන් ගොවියකු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
මෙලෙස වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වීරලන්ද පදිංචි 47 හැවිරිදි ජේ.එම්.කේ. මුතු බණ්ඩා යන අය බව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.
ගෙදර තිබූ වී කෑමට පැමිණි අලියා පලවා හැරීමට මිදුලට ආ ගොවියා මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අහිංසක ගොවීන්ට පහර දෙන වල් අලීන්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි. අද අලියෙක් මැරුණු විට මහා ශෝකයක් පළකරාට මේ මිය යන අහිංසක ගොවියන් වෙනුවෙන් ශෝක වීමට කිසි කෙනෙක් නැහැ.