(නවරත්න සමරතුංග)
අම්පාර මහරෝහල් නවගම්පුර ප්‍රධාන මාර්ගය දෙසින් ඇති රෝහලේ පිවිසුම් ගේට්ටුවට පහර දුන් වල් අලියෙකු රෝහල් පරිශ්‍රයට අද (22) අලුයම ඇතුලු වීමත් සමඟ සිදුවන්නට ගිය මහ විනාශයක් පාලනය කරගැනීමට හැකිවූ බව වැඩබලන රෝහල් අධ්‍යක්ෂ හංස රාමනායක මහතා පැවසීය.
රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ රෝගීන්ගේ ආරක්ෂාව සලකමින් අලි වෙඩි දමා අලියා පලවා හැරීමට තමන් හා එහි ආරක්ෂක නියාමකයින් කටයුතු කළ බවයි.
අලියා පහරදීම හේතුවෙන් රෝහලෙහි ගේට්ටුව හා තාප්ප කොටසක් මුළුමනින්ම කඩා බිඳ දමා ඇති අතර රෝහලට විශාල හානියක් සිදු වී ඇත.
මෙම අලියා පලවාහරින අවස්ථාවේ අලියා තමන් පසුපසු පන්නා පහර දීමට පැමිණිවිට දුවගොස් නූලෙන් ජීවිතය බේරාගත් බව අලියා එළවීම සඳහා අලිවෙඩි දැමු ආරක්ෂක නිලධාරියා සඳහන් කළේය.
දැනට සති තුනක කාලයක් අම්පාර මහ රෝහලට යාබද නවගම්පුර ගමේ නිවාස කඩා දමමින් මහජනතාවට මහත් හිරිහැර පමුණුවන මෙම අලියා අල්ලා වෙනත් සුදුසු කලාපයකට ගෙනගොස් දැමිය යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව අම්පාර වනජීවී දෙපාර්මේන්තු කාර්යාලය දැනුම්වත් කළ බවද ඔහු සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වන අලියෙක් නිසා අම්පාර මහ රෝහලේ කලබලයක්