රවීන්ද්‍ර ලියනගේ
ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මුවාවෙන් වයික්කාල හා තඹරවිල ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් අද (11) වැටලූ බව වෙන්නප්පුව පොලිසිය කියයි.
පොලිසිය ලැබුණු තොරතුරක් අනුව වැටලීම කර ඇති අතර එහි රැදී සිටි තරුණියන් පස් දෙනෙකු සහ කළමනාකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණියන් ආණමඩුව කලුතර, පොලොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකාරියන් වයස අවුරුදු 19,28,33,36 හා 40 වයස්වල පසුවන්නියෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd