(අශෝක තිලකරත්න)
පහළ අන්දරවැව ගලහිටියේදී වන අලියකුගේ පහරදීමට ලක් වූ ගොවියකු මිය ගිය බව සූරියවැව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියවැව මහඉඳිවැව පදිංචි ඈපා කංකානම්ගේ තිලින් අප්පුහාමි (65) යන අයයි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (10) හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
සූරියවැව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ගසා මැරුණු පසු, එය කෙසේ සිදුවුවාදැයි සොයා ගැනීමට පරීක්ෂණ කිරීමේ පලක් නැහැ.