
(ක.ග.කරුණාරත්න සහ චාපා මධුභාෂණි)
මැදිරිගිරිය,දර්ශනපුර ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් අද (30) අලුයම 73 හැවිරිදි කාන්තාවක මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදිරිගිරිය,දර්ශනපුර, අංක 78 ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවක වන පී.ජී.විමලාවතී (73) හැවිරිදි කාන්තාවකි.
ඇය තම ගෙවත්තේම මීටර් 50ක් පමණ දුරින් පිහිටි ඇගේ දියණියකගේ නිවසේ රාත්‍රීයේ නිදා සිට අලුයම නිවෙසට යමින් සිටියදී වත්තේ රැඳී සිටි අලියා පහරදීම සිදුකර තිබෙන බව පොලීසිය කළ විමර්ශන වලදී හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ඡායාරූප -චාපා මධුභාෂිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd