(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය සාමිමලේ ගවරවිල දමිළ මහ විද්‍යාලය ඉදිරිපිට සිසු සිසුවියෝ සහ ඔවුන්ගේ මව්පියවරු අද(30) උද්ඝෝෂණයක නිරත වූහ.
තම පාසලේ විදුහල්පතිවරයා සහ දමිළ විෂය උගන්වන ගුරුවරයෙකු මාරු කරන ලෙස බලකරමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
වසර ගණනාවකින් සංවර්ධන කටයුත්තක් සඳහා විදුහල්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, විදුහල්පති සහ ගුරුවරයා අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් ගුරුවරයා වස පානය කර ඇති බවත්, දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඔවුහු කීහ.
විදුහල්පතිවරයා සහ ගුරුවරයා පාසලේ වසර ගණනාවක් සිටම සේවය කරන බවත්, ඔවුන් පාසලේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවත් සිසු සිසුවියෝ කියා සිටියහ.
මේ සම්බන්ධයෙන් හැටන් කලාප අධයාපන කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු කියාසිටියේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තම කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වෙත කරුණු යොමු කර ඇති බවයි.





(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)




(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලගංන්තිලක)
2025 දෙසැම්බර් මස 04
58
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුහල්පති-ගුරුවරයකු මාරු කරන්නැයි ඉල්ලා හැටන් විරෝධතාවක්