IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුහලකින් ඉවත්කළ ප්‍රාථමික අංශය ලබාදෙන්නැයි මව්පියවරු වීදිබසිති

(මොහොමඩ් ආසික්)
 
මහනුවර  මාරතුගොඩ  නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉවත් කරන ලද  ප්‍රාථමික අංශය යළි ලබා දෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ ආදි ශිෂ්‍යයෝ, මව්පියවරු ඇතුළු පිරිසක්  අද(20) විදුහලට පිවිසෙන මාර්ගය අසළ විරෝධතාවයක  නිරත වූහ.
 
එම  විරෝධතාවයට එක්වූ පිරිස සඳහන් කළේ,  වසර 125 කට වඩා පැරණි මෙම  විදුහලෙන් ද්විතීයික පාසැල් ක්‍රමය යටතේ  ප්‍රාථමික අංශය ඉවත් කිරීම හේතුවෙන් පාසැලේ සිසුන්ගේ පැමිණීම අඩාල වී පාසැල වැසී යාමේ අවදානමකට  ලක්ව ඇති බවයි.
 
මෙම විදුහලෙන් ප්‍රාථමික අංශය ඉවත් කර  ඒ වන විට වසා දමා තිබූ කිසිදු පහසුකමක් නොමැති මැදගොඩ කනිෂ්ඨ විද්‍යාලයට අනුයුක්ත කළ බවත් එම විදුහලේ  අවශ්‍ය පහසුකම් නොමැති  වීම නිසා  සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ලවී ඇති බවත් සියලු සිසුන් ඇතුළත් කර ගැනීමට නොහැකි වී ඇති බවත්  ඔවුහූ කියති.
 
මැදගොඩ විදුහලට මේ වසරේ පළමු වසර  සඳහා ඉල්ලුම්  150 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණත් එයට ඇතුලත් කර ගනු ලබන්නේ පන්ති දෙකකට සිසුන් පමණක්  බවත්  ඉතිරි සිසුන්ට පාසැලක් නොමැති බවත් ඔවුහූ කියති.



අදහස් (0)

විදුහලකින් ඉවත්කළ ප්‍රාථමික අංශය ලබාදෙන්නැයි මව්පියවරු වීදිබසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site