(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාධිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය .
මෙම ගුවන් මගීන් ගෙන් එක් අයෙකු 53 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක වන අතර , අනෙක් පුද්ගලයා 40 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .මොවුන් දිනපතා ගුවන් ගමන් වල යෙදෙමින් විදේශයන් ගෙන් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ යෙදී සිටින්නන් බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ .
මොවුන් දෙදෙනා අලුයම 3.35 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ,එහි සියලු පරීක්ෂණයන් නිමාවට පත් කර ,ගුවන් තොටුපොළෙන් පිටව යෑමට ආසන්නව සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙහි විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 52,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 263 ක් ඔවුන්ගේ ගමන් මලු වල තිබූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 26,30,000 (විසි හය ලක්ෂ තිස් දහසක් ) බව එම පොලිස් නිලධාරීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd