තුසිත කුමාර ද සිල්වා
බේරුවල කංකානම් ගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයකු සන්තකයේ නීතිවිරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි 300ක් සමඟ සැකකරු බේරුවල පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගත් බව පවසයි.
මෙම සැකකරු මෙම දුම්වැටි සන්තකයේ තබා පත්තකඩේ ප්‍රදේශයේ දී සිල්ලරට අලෙවි කරන බවට ලද තොරතුරක් මත දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් බව කියයි.
වෙළඳපොලෙහි අලෙවි කරන දේශීය දුම්වැටි මිලට වඩා අඩුවෙන් සැකකරු මේවා අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය සිගරට් 20 බැගින් අඩංගු පැකට්වල තිබූ ඒවා වන අතර එම පැකට් 15ක දුම්වැටි 300ක් තිබී ඇතැයි ද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd