(ජේ. කේ. එල්. චාමින්ද සහ ඩී. ජී. සුගතපාල)
දොඩන්දුව පාලම අසළදී වෑන් රථ රියැදුරකු විසින් හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රිය තුළ තබා අද (19) අපයෝජනයට ලක් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම තරුණිය 31 හැවිරිදි යුවතියකි.
තරුණියගේ පෙම්වතා අද (19) දින මෙරටට පැමිණීමට නියමිතව සිට ඇති අතර ඒ සඳහා ඇය කුලී වෑන් රථයක් වෙන්කරවාගෙන ඇත. හික්කඩුව නගරයේ බැංකුවක් අසළට වෑන් රිය පැමිණෙන තෙක් ඇය සිටි බවද වෙනත් වෑන් රථයක් පැමිණ එහි නතරකර ඒ ඇය ගෙන්වූ වෑන් රිය බව පවසා රවටා ඇයව එහි නංවාගෙන ඇති බව තරුණිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
පසුව රියැදුරු දොඩන්දුව පාළම මතදී ඇයව අපයෝජනයට ලක්කර පසුව තරුණියව වෑන් රථයෙන් බස්සවා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
තරුණිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත.
සැකකාර වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විදේශීය කතකට අතවර කළ සැකකරු සොයා පරීක්ෂණ
tommy Tuesday, 19 February 2019 11:54 AM
ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් දකුණේ අයනේ.