IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි සැර වැදී සරසවි සිසුවෙක් මරුට

(රොමේෂ් මධුෂංඛ)

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු කිලිනොච්චිය උරුතිරපුරම්  ශිවනගර් ප්‍රදේශයේ දී විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

අම්පාරේ සිට අධ්‍යාපනය හැදෑරීම සදහා කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයට පැමිණ සිටි  විග්නරාසා සාරංගන් නැමති  22 හැවිරිදි මෙම සිසුවා  මිය ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදී  අක්‍රීය වූ විදුලි  මෝටරයක් පරීක්ෂා කිරීමට ගිය  අවස්ථාවකදීය.

සිසුවා නැවතී සිටි නේවාසිකාගරයට ජලය සැපයෙන විදුලි මෝටරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිසුවාට විදුලි සැර වැදී ඇති අතර එම අවස්ථාවේදීම ඔහුව කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති.

සිසුවාගේ මෘත  ශරීරය පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව පවුලේ ඥාතීන් වෙතට බාරදීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදු කරන කිළිනොච්චිය පොලීසිය පවසයි.



අදහස් (0)

විදුලි සැර වැදී සරසවි සිසුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site