IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි සැර වැදී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සඟවලා

(සමන් විජය බණ්ඩාර)

නීතීවිරෝධීව  සතුන්ට අදින ලද විදුලි කම්බියක පැටලී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු නීතියෙන් ගැලවීමට කැලෑවක සැඟවූ පුද්ගලයෙකු අද(04) සැකපිට හෙම්මාතගම අඹදෙනිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසයි.
 
පොලිසිය සැක කරන ආකාරයට දින 4කට පෙර විදුලි සැර වැදී මෙම කාන්තාවන් දෙදෙනා මිය ගිය ගොස් ඇත.  මෙසේ මිය ගොස් ඇත්තේ අඹදෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67 ක් වන අවිවාහක කාන්තාවක සහ 36 හැවිරිදි කාන්තාවකි.
 
එම විදුලි රැහැන් නිතී විරෝධී ලෙස එලන ලද පුද්ගලයා, කාන්තාවන් දෙදෙනාගේ සිරුරු ඒ ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක සඟවා ඇත. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන එම මළසිරුරු සෙයා ගන්නා අවස්ථාවේදි මළ සිරුරු කුණු වී විනාශ වී තිබූ බවද පොලිසිය පවසයි.
 
හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා පැවසුයේ අනවරසරයෙන් නිතීවිරෝධි අයුරින් මෙම විදුලි කම්බි අදින ලද විවාහක පුද්ගලයා නිතීයෙන් ගැලවිමට මිය ගිය කාන්තා මළ සිරුරු මෙලෙස ලදු කැලෑවල සඟවන්නට ඇති බවයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිසිය විමර්ශන පවත්වයි.



අදහස් (0)

විදුලි සැර වැදී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සඟවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site