(දයාරත්න ඇඹෝගම)
සෙලෙස්තිමඩුව එළවළු ගොවිපලකදී විදුලිසැර වැදීමෙන් වන අලියකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිපල අයිති 37 හැවිරිදි කාන්තාවක් අද (24) අත්අඩංගුවට ගත්බව තිරප්පනේ වනජිවි කාර්යාලය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙට්ටන්කුලම,හිදෝගම පදිංචි ප්‍රේමාවති මංගලිකා (37) නැමති කාන්තාවකි.
මෙම කාන්තාව විසින් තිරප්පනේ සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ එළවළු වගාවක් පවත්වා ගෙන යන අතර එම වගාවන් වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වනජිවි දෙපාර්තමේන්තුවේ ද අවසරය මත විදුලි වැටක් ඉදිකර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දින මෙම විදුලි වැටට සම්බන්ධ කර තිබු බැටරිය අක්‍රියවිම නිසා මෙම කාන්තාව නිවසේ විදුලි පද්ධතියෙන් ඝෘජුවම විදුලිය වයරයක් මගින් අලි වැට සම්බන්ධ කිරිම හේතුවෙන් මෙලෙස අධිබලැති විදුලි ධාරාවක් වන අලියාට වැදි මෙන් වන අලියා මිය ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති.
අත්අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාව අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි දෙපාර්තමේන්තුවේ තිරප්පනේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd