IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


විදුලි සැර වද්දවා අලියකු මැරූ අයකුට දස වසරක අත්හිටවූ සිරදඬුවමක්

(ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය, මොන්නෑකුලම දී විදුලිය සැර වද්දවා අලියෙකු මැරූ අයෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් සහ වසර 10කට අත්හිටුවන ලද බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක්  අද (23) නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය නියම කළාය.

මෙම දඩ මුදල ලබන මස 21 දින එකවර ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

මෙලෙස දඩ සහ අත්හිටු වූ සිරදඬුවම් නියම කෙරුණේ නිකවැරටිය, මොන්නෑකුලම , මීමිනිඅංගේ පදිංචි  එච්.එම්.පුංචිබංඩා (70)නැමති අයෙකුටය.
               
වසර 2016/05/25 දින මෙම පුද්ගලයාගේ ගෙවත්තේ ඇද තිබු  අනවසර  විදුලි රැහැනක පැටලී අලියා මැරී වැටී සිරුරද නරක් වී තිබූ බවද ,හදිසි මරණ පරීක්ෂණය සිදු කළ වයඹ වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මෙම අලියාගේ මරණය විදුලිය සැර වැදීමෙන් සිදු වූවක් බවට නිගමනය කල බවද නිකවැරටිය වනජීවි අඩවි ආරක්ෂක අයි.එම්. ජී. සෙනවිරත්න මහතා අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පැවසීය.

ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් රෝහල්  ගතව සිටි සැකකරු සහ අලියා පැටලී සිටි අනවසර විදුලිය රැහැන ද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද මරණයට ලක්ව සිටි මෙම පිරිමි අලියා අඩි අටක් උස හා වයස 20 ක පමණ හොඳින් වැඩුන අලියෙකු බවද අඩවි ආරක්ෂක වරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

මෙහිදී නිකවැරටිය වනජීවි නියාමක නිලධාරී.සංජීව වීරසිංහ ,වයඹ වනජීවි පශුවෛද්‍ය චන්දන ජයසිංහ ,වාරියපොල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා සහ මොන්නෑකුලම වසම බාර ග්‍රාම නිලධාරීවරයා ද  අධිකරණයට සාක්ෂි ලබා දුන්නේය.
                
නිකවැරටිය වනජීවි කාර්යාලය නඩුව පවරා තිබු අතර,කුරුණෑගල වනජීවි කලාප කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක එම්.ඒ.පතිරාජ ධර්මසිරි මහතා විසින් නඩුව මෙහෙයවීය.
 



අදහස් (0)

විදුලි සැර වද්දවා අලියකු මැරූ අයකුට දස වසරක අත්හිටවූ සිරදඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site