IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වෛද්‍යවරයෙකුගේ මුවාවෙන් රෝගීන්ට උපදෙස් දුන් අයෙකු දැලේ

(රංජිත් රාජපක්ෂ)                       

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් හැටන් සහ ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් අද(08) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත එම භාරකාර මණ්ඩලය විසින් හැටන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු  ව්‍යාජ වෛද්‍යවරයාව පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
 
හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණි මෙම ව්‍යාජ වෛද්‍යවරයා නිල චිකිත්සාවෙන් විවිධ රෝග සඳහා පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගීන්ට උපදෙස් ලබා දි රෝගියෙකුගෙන් රු 800බැගින් ද අය කර ඇති බව පොලිසිය කළ මුලික විමර්ශනවලදි අනාවරණය වී ඇත.
 
හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යනවිටත්  ව්‍යාජ වෛද්‍යවරයාගෙන්  උපදෙස් ලබාගැනීමට රොගීන් විශාල පිරිසක් එම නිවසේ රැඳී සිටියහ. රෝගීන් හරහා අත්පත්‍රිකා බෙදාදෙමින් සැකකාර වෛද්‍යවරයා මෙම ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.
 
පුත්තලම ප්‍රදේශයේ පදිංචි සැකකරු 46 හැවිරිදි අයෙකු වන අතර, දරුවන් 14 දෙනෙකුගේ පියෙකි. නිල චිකිත්සක වෛද්‍යයවරයෙකු ලෙස පෙනීසිටීමට කිසිදු පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද  සහතිකයක් හෝ අවසර පත්‍රයක් සැකකරු සන්තකයේ නොතිබුණු බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්.පලිපාන මහතා කියා සිටියේය.
 
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා ද කියාසිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරයා හැටන් ප්‍රදේශයට පැමිණ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට තම භාරකාර මණ්ඩලය දැනුවත් නොකළ බවත් , එම ව්‍යාජ වෛද්‍යවරයා දිනකට රෝගීන් 80 දෙනෙකු පමණ පරීක්ෂා කර ඇති බවත් , මේ සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන් තම භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත්ය.
 
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.



අදහස් (0)

වෛද්‍යවරයෙකුගේ මුවාවෙන් රෝගීන්ට උපදෙස් දුන් අයෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 626 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site