(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 2500 ක් සමඟ පුද්ගලයෙකු අද (5) අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙල කිරිඔරුව තෙලිහාවැව පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු මෙම හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඊෂි කෑෂ් ක්‍රමයට උතුරු කැඹිල්ලෙවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෙරොයින් අලවි කරන බවට බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා පොලිසියට කොටුවී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ හෙරොයින් තොගය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.